පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ රථවාහන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අද දිනයේ මානව හිමිකම් කොමිසමට කැඳවා තිබේ.
පවතින මාර්ග අවහිරතා හේතුවෙන් බස් සේවකයින් මුහුණ දී සිටින අපහසුතාවයක් පිළිබඳව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීමට මෙසේ කැදවා ඇත.