සී.එස්.එන්. නාළිකාවේ ආරම්භක සභාපතිවරයා මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරීවරයා ලෙස දැනට කටයුතු කරන රොහාන් වැලිවිට මහතා මහාධිකරණයේ පැවරූ නඩුව අද (17දා) විභාගයට ගත් අවස්ථාවේ නීතිපතිවරයාට සහ පොලිස්පතිවරයාට අධිකරණයට පැමිණෙන්නැයි දන්වා තිබුණද ඔවුන් දෙදෙනා එම අවස්ථාවට සහභාගී නොවූහ.
තමන්ට විරුද්ධව අසත්‍ය කරුණු පදනම් කරගෙන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පැමිණිලි කර තිබීමෙන් අපහාසයක් සිදුකර ඇතැයි සඳහන් කරමින් රොහාන් වැලිවිට මහතා විසින් මෙම නඩුව පවරා තිබිණි.
ඒ අනුව මෙම නඩුව ලබන මස 07 වැනිදා යළි විභාගයට ගැනීමට මහාධිකරණය තීරණය කළේය.