පොලිස් කොස්තාපල්වරයාගේ සිට පොලිස්පතිවරයා දක්වාවූ සියලුම දෙනාගේ මූලික වැටුප 40% කින් ඉහළ දැමීමට රජය සැලසුම කර තිබෙන බවත්, මූලික වැටුපේ විෂමතාව ඉවත් කර වැටුප් වර්ධක ලබාදීමටත් සැලසුම් කර තිබෙන බවද නීතිය හා සාමය දක්ෂණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කළේය.
අදියර දෙකක් යටතේ වැටුප් වැඩිවීම සහ වර්ධක වැඩිවීම සිදුවන බවත්, මේ අනුව ලබන වසරේ ජනවාරි මාසයේ සිට 20% ක වැටුප් වැඩි වීමකුත්, 2017 වසරේදී 20% ක වැටුප් වැඩිවීමකුත් වශයෙන් මූලික වැටුප ඉහළ දමන බවද ඒ මහතා පවසා සිටියේය.