මිනුවන්ගොඩ හීනටියනදී ඊයේ (12දා) දහවල් වෙඩි තැබීමකින් පුද්ගලයකුට තුවාල සිදු වීම සම්බන්ධයෙන් කටුනායක පොලීසියේ සැරයන්වරයකුගේ වැඩ තහනම් කර ඇතැයි මීගමුව පොලිස් අධිකාරී කාර්යාලය කියයි.
ඊයේ දහවල් කටුනායක පොලීසියේ පිරිසක් වැටලීමක් සදහා ගිය අවස්තාවේදී පොලිස් අණ නොතකා ගමන් ගත් ති‍්‍රරෝද රියකට වෙඩි තැබූ අවස්ථාවේ එම වෙඩි පහර ඒ ආසන්නයේ නිවසක සැරසිලි කරමින් සිටි පුද්ගලයෙකුගේ අතෙහි වැදීමෙන් තුවාල සිදුව මිනුවන්ගෝඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු තුවාලකරු ගම්පහ රෝහලට මාරු කර යවනු ලැබීය.
සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත් වූ බස්නාහිර පලාත් බාර නියෝජ්‍ය පොලිස්පති එච්.ජී. කුලරත්න මහතාගේ නියෝගයෙන් සිද්ධියට සම්බන්ධ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත.
මීරිගම කාන්ති