පොලිස් නිලධාරීන්ට හා පොලිස් ස්ථානවලට පැමිණෙන ජනතාවට පිරිසිදු වතුර ලබාදීම සඳහා සෑම පොලිස් ස්ථානයක් මූලික කර ගනිමින් පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කරයි.
යුද හමුදාව, ගුවන් හමුදාව හා නාවික හමුදාවේ මෙවැනි ව්‍යාපාති තිබුණත් පොලිස් ස්ථාන තුළ එවැනි ව්‍යාපෘති නොමැති නිසා නාවික හමුදාවේ තාක්ෂණික සහාය ලබාගෙන මෙම ව්‍යාපෘතිය දියත් කරන බවද හෙතෙම පවසා සිටියේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පොලිස් ස්ථානවලට පිරිසිදු පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතිය පිළිබඳව ඊයේ (07දා) ජාතියේ ආරක්ෂක අංශ ප්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදීය.