හෙට (11දා) සිට ක්‍රියාත්මකවන පරිදි පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරිවරුන් 114 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදුන් බව පොලිස් මුලස්ථානය කියයි. මේ සඳහා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්ගේ අනුමැතිය ලැබුණු බවත් පොලීසිය කියයි.
ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් 124 දෙනෙකු මර්තු 31දා සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස් කෙරුණු බවත් ඔවුන්ගේ දෙවන කණ්ඩායම පසුගිය සැප්තැමිබර් 29දා පුහුණුව අවසන් කළ බවත් එයට සමගාමීව මෙම ස්ථාන මාරුවීම් ලබාදෙන බවත් පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.