පොලිස් පරහදීමක් සිදුවුවහොත් එය පොලිස් කොමිසමට පැමිණිලි කරන්නේ නම් පහරදී කෙටි කාලයක් තුළ ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කළයුතු බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.
පැමිණිලි කිරීමට සති ගණනක් ගත වුවහොත් ඉදිරි කටයුතු කිරීමේදී දුෂ්කරතා ඇතිවන බවද එම කොමිෂන් සභාවේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේය.
ජාතික පොලිස් කොමිසමේ කාර්යාල සෑම පළාතකම ප්‍රධාන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පිහිටා තිබෙන බවත්, මීට අමතරව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ අංක 09 ස්ථානයේ පිහිටි ප්‍රධාන කාර්යාලයට පැමිණ හෝ ලිපියක් මගින් පැමිණිලි කළ හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.