කෑගල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයෙකුගේ හා කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට කෑගල්ල පොලීසිය කටයුතු කර ඇත. මෙම නිලධාරීන් දෙදෙනා කෑගල්ල කරඩුපොන ප්‍රදේශයේ ඊයේ (14දා) සන්ධ්‍යා කාලයේ රාජකාරි නිල ඇඳුම සහිතව අවන්හලක මත්පැන් පානය කරන බවට ජනතාව විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට හා කෑගල්ල පොලිස් ස්ථානයට දැනුම් දී තිබේ.
පසුව නිලධාරීන් දෙදෙනා කෑගල්ල පොලිස් ස්ථානයට ගෙනැවිත් පරීක්ෂා කිරීමට යාමේදී පැන ගොස් ඇත.
වසන්ත රෝහණ - කෑගල්ල