පොලිස් කොස්තාපල්වරු, කොස්තාපල් රියදුරු සහ පොලිස් සහායක සේවා සඳහා විශේෂ කාර්ය පටිපාටියක් සකස් කරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඊයේ (27දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ස්ථාවර නියෝග (23)/2 යටතේ විපක්ෂයේ සංවිධායක අනුර කුමාර දිසානායක මහතා යොමුකළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේබව පැවසීය.
පොලිස් ආරක්ෂක සහායක සේවාවට අයත් නිලධාරීන් 1477 ක් සිටින බවත් පොලිස් නිලධාරීන්ට හිමිවූ 40% වැටුප් වැඩිකිරීම ඔවුන්ට නොලැබී ඇත්තේ මන්දැයි අනුර කුමාර මන්ත්‍රීවරයා එහිදී ප්‍රශ්න කළේය.
පොලිස් ආරක්ෂක සහාය නිලධාරීන් පොලිස් නිලධාරීන් නොවන බැවින් පොලිස් නිලධාරීන්ට හිමි දීමනා ඔවුන්ට නොලැබෙන බව සාගල රත්නායක අමාත්‍යවරයා පැවසීය.
කෙසේ වුවද ඉදිරියේදී සකස් කරනු ලබන විශේෂ කාර්ය පටිපාටියට මෙම නිලධාරීන්ගෙන් බොහොමයක් ඇතුළත්කරගැනීමට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.