පොලිස් නිලධාරිනියන්ට නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස්වීම් ලබාදීම සඳහා ජාතික පොලිස් කොමිසම වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ආරියදාස කුරේ මහතා කියා සිටියේය.
දැනට පවතින ක්‍රමවේදය අනුව පොලිස් නිලධාරිනියන්ට ලැබෙන අවසාන උසස්වීම් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුර බවත්, එම තනතුර පවා හිමිවන්නේ දෙදෙනෙකුට පමණක් බවත් ඔහු සඳහන් කළේය.
එහෙත් පොලිස් සේවය තුළ 11,000කට අධික නිලධාරිනියන් සිටින බවද ඒ මහතා පවසා සිටියේය.
මීට අමතරව කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ ගැටලු විසඳීම සඳහා පළාත් 09 සඳහා සහකාර පොලිස් අධිකාරිවරියන් 09 දෙනෙකු පත් කළ බවද අද (12දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ලේකම්වරයා සඳහන් කළේය.
ඡායාරූප ඉසුරු පෙරේරා