ශ්‍රී ලංකා පොලිස් මෑත කාලීන ඉතිහාසයේ පළමු අවස්ථාවට පොලිස් නිලධාරීන් 2599කට උසස්වීම් ලබාදිමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තීරණය කර තිබේ. මේ වසරේ මැයි මස 31 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම උසස්වීම් ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.එහිදී වැඩිම උසස්වීම් ප්‍රමාණයක් ලෙස පොලිස් කොස්තාපල්වරු 2075ක් පොලිස් සැරයන් දක්වා උසස්කර ඇත.