ශ්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස්කිරීමට අදාළව විශේෂඥ කමිටුවක් පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
ප්ලාස්ටික් හා පොලිතීන් අනිසි ලෙස භාවිත කිරීම, බැහැර කිරීම සහ පිළිස්සීම නිසා සමාජීය, පාරිසරික, සෞඛ්‍යමය හා ආර්ථික ගැටලු රැසක් පැන නැගී ඇත.
ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතය දිනකට කිලෝග්‍රෑම් 0.5ක් පමණ වන අතර, වසරකට ටොන් ලක්ෂ පහක (05) පමණ පොලිතීන් අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ආනයනය කෙරේ.ලෝකයේ ඇතැම් රටවල් පොලිතීන් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, සමහර රටවල් තෝරාගත් ප්ලාස්ටික් ද්‍රව්‍ය පමණක් භාවිතයට ඉඩ දී ඇත.
දිරාපත් වීමට දීර්ඝ කාලයක් ගතවන ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්රිත නිෂ්පාදන පරිසරයට එකතුවීම තුළින් සිදුවන අහිතකර පාරිසරික බලපෑම් පාලනය කිරීමේ අවශ්‍යතාව මෙන්ම ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්රිත කර්මාන්තවල සේවකයන් විශාල සංඛ්‍යාවක් සේවයේ නියුක්තව සිටීම ආදී කරුණු ද සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාව තුළ පොලිතීන්, ප්ලාස්ටික් හා ජෛව හානියට ලක්වන ප්ලාස්ටික් ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් හා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.