2016 වර්ෂයේ ජනවාරි 01 වැනිදා සිට පොලිතින් භාවිතයට දැඩි නීති ගෙනඑන බවත්, මෙරට මැණික් කර්මාන්තයේ නියැළීමට විදේශීය සමාගම් වෙත බලපත්‍ර ලබානොදෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.එහෙත් විදේශීය ආයතනවල ශිල්පීය දැනුම සහ පුහුණු වීම මෙරට කර්මාන්තයේ නියැළෙන්නන්ට ලබාදීමට රජය කටයුතු කරන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ කාරක සභා විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා ඊයේ (07දා) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේය.
ඉදිරි වර්ෂයේ සිට පරිසර දූෂණය වැළැක්වීමට තිබෙන නීති දැඩි ලෙස ක්‍රියාත්මක කරන අතර, නව නීති හඳුන්වාදෙන බවද ජනාධිපතිවරයා පැවසීය.
ලබන වර්ෂයේ සිට (2016) පොලිතින් භාවිතය සම්බන්ධ දැඩි නීති ක්‍රියාත්මක කරන අතර, 2018 වර්ෂයේ සිට ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු භාවිතයෙන් ඉවත් කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.