පොලිතින් තහනම සැප්තැම්බර් මස 01 වැනිදා සිට ක්රියාත්මක වුවද, ඒවෙනුවෙන් දඬුවම් ජනවාරි මස 01 වැනිදා සිට ක්රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
පොලිතින් නිෂ්පාදනකරුවන්ගේ සහ ඒ ආශ්රිත රැකියා සිදුකරන්නන්ගේ අදහස් සැලකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.
එමෙන්ම පොලිතින් තහනම ක්රියාත්මක කිරීමේදී පොලිතින් නිෂ්පාදකයන්,පොලිතින් ඇසුරුම් කරන කර්මාන්තවල නිරතවන්නන් සහ පොලිතින් තොග වෙළෙඳුන් විකල්ප ක්රියාමාර්ග වෙත ක්රමානුකූලව යොමුකිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා අදාළ ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇත.