පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු සියල්ල හෙට දිනයේ විවෘත කරන බව ශ්රී ලංකා මහවැලි අධිකාරිය නිවේදනය කරයි. ඒ අනුව හෙට රාත්රි 10.00 සිට අනිද්දා උදෑසන 6.00 දක්වා එලෙස වාන් දොරටු විවෘත කරනු ලැබේ. වාර්ෂික පරීක්ෂණ කටයුතු සඳහා වාන් දොරටු විවෘත කර පොල්ගොල්ල ජලාශය හිස්කරන බවත් එම කාලය තුළ පොල්ගොල්ලවේල්ලේ සිට පහළ ප්රදේශය ඉතා අවදානම් බැවින් එම ප්රදේශයේ මහවැලි ගඟ පරිහරණය කිරීමෙන් වළකින ලෙස පොල්ගොල්ල වේල්ලේ කාර්යය භාර ඉංජිනේරු වී.ඒ.පුෂ්පකුමාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.