දෙහිඕවිට බෞද්ධ ප්‍රාථමික විදුහලේ සිසුවියක් විෂය නිර්දේශයට අනුකුලව පුහුණුවීම් කටයුතුවල නියැලී සිටියදී ඊයේ (28දා) දහවල් වැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි අවිස්සාවේල්ල පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙහිඕවිට පල්ලෙ ගම පදිංචි 9 හැවිරිදි සිසුවියකි.
හතරවැනි ශ්‍රේණියේ විෂය නිර්දේශයට අනුව පොල් කට්ටක් විඳ නුලක් දමා පාද දෙකේම ආධාර පොල්කටු දෙකක් උඩ ගමන් කරමින් සිට ඇති බවත්, තවත් සිසුවිය සමග පාසලේ මෙලෙස පුහුණුවීම් කටයුතු කරමින් සිටියදී හදිසියේ පය ලිස්සා වැටී ඔළුව බිම වැදී සිසුවිය මියගොස් ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය විය.
මියගිය සිසුවියගේ සිරුර අවිස්සාවේල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය එහිදී පැවැත්වීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල මූලස්ථාන පොලීසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත, ළමා හා කාන්තා කාර්ය අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂකා ගයන්ති ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
අවිස්සාවේල්ල - සෝමසිරි හිගුරල ආරච්චි/දෙහිඕවිට - සුමිත් තෙන්නකෝන්