වර්තමානයේ පොලිස්පතිවරයාට බලයක් නැති බවත්, වෙනමම ඒකකයක් නිර්මාණය කළ පළිගැනීම් සිදුකරමින් සිටින බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
එසේම තමන්ට එරෙහිව කරන අපහාස කිරීම්වලට ඉදිරියේදී අධිකරණයේ පිහිටප පතන බවත් ඔහු කීවේය.
"අද රජයේ මැති ඇමතිවරු භාගයක් හිරේ. අත්අඩංගුවට ගන්නවා. රජයේ වාහන භාවිත කරයි කියනවා. මට නීතිඥ මහත්තයෙක් කතා කරලා කියනවා. සර්, සර්ටත් නඩුවක් දාන්න ලෑස්ති වෙනවා කියලා. මම කිවුවා මොකක්ද? බී වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මොකටද? ඩුබායිහි තියෙන්නා වූ මෙරියට් හෝටලයේ අයිතිකාරයා මහින්ද රාජපක්ෂයිලු.
මොන තරම් මිනිහෙක්ද? දැන් එක්කෙනෙක් කියලවා බිලියන 18 (හෙරකම් කරලා කියලා.) මම එන්තරවාසියක් යැවුවා. මේ අපහාස කිරීම්. මඩ ගහලා විනාශ කරන්න. මිනිස්සුන්ගේ චරිත ඝාතනය කරන්න. මේවට විරුද්ධව අපි උසාවි යනවා. අධිකරණයේ පිහිට පතනවා. අද පොලිස්පතිට බලයක් නෑ. නීතිපතිවරයාට මම දන්නේ නෑ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඒ බලය කොහෙද කියලා. වෙනමම ඒකකයක් හදලා බිලිගන්න. මේ පලිගැනීම් තමයි දිගටම" යැයි ඔහු සඳහන් කළේය.
පැලවත්ත, ගොරකදූව විහාරස්ථානයේ පැවැති ආගමික වැඩසටහනකට ඊයේ (13දා) එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.
.