පොරොන්දු වූ ආකාරයට අද (28දා) දිනය තුළදී සයිටම් ආයතනය අහෝසි කිරීමට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් නොකළහොත් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට තම සංගමය හෙට (29දා) රැස්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
පසුගිය 25 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සයිටම් ආයතනය අහෝසි කිරීමට අදාළ ප්‍රකාශය නිකුත් කරන බවට පොරොන්දු වූ බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
එම පොරොන්දුව කඩකළහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බවත්, ඒ පිළිබඳව තීරණය කිරීමට තම සංගමය හෙට රැස්වෙන බවද අද (28දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.