2018 දී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ හම්බන්තොට පැවැත්වීමට ඉදිරිපත් කරනලද ශ්‍රී ලංකා රජයේ ලංසුව (ලංසුව) ආශ්‍රිතව මුදල් අක්‍රමිකතාවයක් සිදුවී ඇති බවට කරනලද චෝදනාව සහ තමාව ප්‍රශ්න කිරීම පිළිබඳව මාධ්‍ය වාර්තා පසුගිය දින කිහිපය තුළදී තමාගේ අවධානයට යොමු වූ බවත්, ඒ හේතුකොටගෙන, බොහෝ දෙනා තමාගෙන් විමසීම් කොට ඇති නිසා, මෙම කරුණ පිළිබඳව මෙසේ ප්රකාශනයක් නිකුත් කිරීමට තමන් අදහස් කළ බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
-
මෙම ලංසුවේ කටයුතු පහසු කරවන ලෙසටත්, තීරණ ගැනීමේ ක්‍රමවේදයට සහායක් වන ලෙසටත්, එවකට ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ සම සභාපතිත්වයෙන් සංවිධායක කමිටුවක් ස්ථාපනය කිරීමට එවකට කැබිනට් මණ්ඩලය තීරණය කරන ලදී. ඒ අතරම, ලංසුවේ අවශ්‍ය ලියකියවිලි සකස් කිරීමටද, ලංසුව පිළිබඳව සියලු කටයුතු මෙහෙයවීමටද, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා උලෙළ සංවිධානය කිරීමට, ප්‍රවර්ධනය කිරීමට, ලංසු ඉදිරිපත් කිරීමට, ප්‍රචාරණය කිරීමට අවශ්‍ය මුදල් එකතු කර ගැනීමටද, එවකට ක්‍රීඩා අමාත්‍යාංශ්‍යයේ ලේකම්ගේ සභාපතිත්වයෙන් රජයට අයත් CWG Hambantota 2018 (Pvt) Ltd යන සමාගමක් ස්ථාපනය කිරීමටද කැබිනට් මණ්ඩලය තීරණය කරන ලදී.
-
මෙම ලංසු ක්‍රියාවලිය වෙනුවෙන් විශාල කාර්යභාරයක් දියත් කිරීමට අවශ්‍ය වුණි. මෙම කාර්යන් අතර පහත සදහන් කාර්යන් ඇතුලත් විය. (අ) පරිපූර්ණ ලංසු ලියකියවිල්ලක් සකස් කිරීම. (ආ) මෙම ලංසු පිළිබඳව ජාත්‍යන්තර දැනුමක් ඇති උපදේශකයන්ගේ සේවාව ලබාගැනීම.(ඇ) පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයේ ඉහළ පෙළේ නිලධාරීන් සහ ලංසු අධීක්ෂණ කොමිෂන් සභාව සමග කටයුතු කිරීම. (ඈ) විදේශ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සංගම්වලින් ශ්‍රී ලංකාවට පැමිණි දූත පිරිස් සමග සම්බන්ධීකරණය කිරීම. (ඉ) හම්බන්තොට ලංසුව ප්‍රර්ධනය කිරීම සඳහා විදේශ රටවලට දූත පිරිස් යැවීම. (ඊ) වාස්තු, ඉංජිනේරු, ගමනාගමන, පරිසර ක්ෂේත්රවලට අදාළ සැලසුම් සකස් කිරීම සහ ක්‍රීඩා උලෙළ සංවිධානය කිරීමට බලාපොරොත්තු වන නගරයේ මොඩලයක් නිර්මාණය කිරීම. (උ) ක්‍රීඩා උලෙළට අදාළ යෝජිත කටයුතු සහ ක්‍රියාවලියන් ජාත්‍යන්තර තලයට ඔබින මට්ටමට සකස් කිරීම. (ඌ) මාධ්‍ය සාකච්ඡාවලටද, ලංසුව ඉදිරිපත් කිරීමේ උත්සවයටද, අවසාන ලංසු මැතිවරණයටද සහභාගී විම. (එ) අවශ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත අංග සම්පූර්ණ දේශීය කාර්යාලයක් පවත්වාගෙන යාම.(ඒ) දේශීය ප්‍රචාරය සහ දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම.(ඔ) හම්බන්තොට සහ ශ්‍රී ලංකාව පිළිබඳව විශාල ජාත්‍යන්තර ප්‍රවර්ධන ක්‍රියාවලියක් දියත් කිරීම.
-
මෙම අභියෝගාත්මක කාර්යභාරය සාර්ථකව සංවිධානය කිරිම සඳහා සංවිධායක කමිටුව ඉහළ පෙළේ පුද්ගලයන් රැසකින් සමන්විත වුණි. එවකට විදේශ රැකියා සහ සුභසාධන ඇමති සහ වර්තමාන මහා මාර්ග රාජ්‍ය ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, අමාත්‍යාංශ ලේකම්වරුන් රැසක්, ආරක්ෂක සේවයේ ප්‍රධානී, ත්‍රිවිධ හමුදාවල හමුදාපතිවරු, පොලිස්පති, ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධානීන් ඇතුළු ඉහළ ක්‍රීඩා කේෂ්ත්‍රයේ නිලධාරීන්, රාජ්‍ය ආයතන කිහිපයකම සභාපතිවරුන්, ඉහළ පෙළේ පෞද්ගලික ආයතනවල සභාපතිවරුන් හෝ විධායක අධ්‍යක්ෂකවරුන්, සහ වෘත්තිකයන් මෙම කමිටුවේ සේවය කළහ. ඒ සියලු දෙනාම තමන්ගේ සේවය ස්වේච්ඡාවෙන් හා කැප වීමෙන් මෙම ලංසුවේ සාර්ථකත්වය වෙනුවෙන් දියත් කළ යුතුවූ විවිධ කටයුතු සදහා සම්බන්ධිකරණය සහ සහාය ලබා දුන්හ.
-
ඒ අතරම, CWG Hambantota 2018 (Pvt) Ltdසමාගමේ සභාපතිත්වය දැරුවේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ සහ රාජ්‍ය පාලන තන්ත්රයේ ගරුත්වයට පත්ව තිබූ එවකට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් උදය සෙනවිරත්න මහතාය. අදටත්, එම මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අමාත්‍යාංශය වන මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් සේවය කරනු ඇත. තවද, එම සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය සමන්විත වූයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගෙනි. ඔවුහු සියලු දෙනාම එකතුව එම සමාගමට අනුයුක්ත කරනලද වැදගත් කාර්යභාරයන් සියලු පාර්ශ්වකරුවන් සෑහීමකට පත්විය හැකි ආකාරයට ඉටු කළහ.
-
තවද, මෙම සමාගමේ සියලු මූල්‍ය කටයුතු නිසි ආකාරයට පවත්වාගෙන යනු ලැබූ අතර, සමාගමේ ගිණුම් වරලත් ගණකාධිකාරී ආයතනයක් වන KPMG සමාගම මගින් විගණනය කරන ලදී. එම ගිණුම්වලට අනුව, රජයෙන් ලැබූ ශුද්ධ ශේෂ ආධාරය රුපියල් 71,476,792 වන මුදලක්වූ අතර, පෞද්ගලික අංශයේ සෘජු දායකත්වය රුපියල් 586,636,115 ක් වී තිබුණි. ඊට අමතරව, රුපියල් 129,134 මුදලක් පොළිය වශයෙන්ද සමාගම උපයාගෙන තිබුණි. ඒ අතරම, මුළු ගෙවීම් වූ රුපියල් 658,175,150 මුදල නිසි පරිදි ගිණුම් කොට, විගණනයද කරන ලදී. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ නගනලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීම සඳහා සමාගමේ සභාපතිද, ප්‍රධාන විධායක නිලධාරීද, මූල්‍ය අධ්‍යක්ෂකද එකතුව 2016.02.11 දින ගරු ක්‍රීඩා ඇමතිතුමාට දන්වා ඇත්තේ සමාගමේ සියලු වියදම්, සමාගමේ අරමුණු අනුව කර ඇති බවය. තවදුරටත් ඔවුන් පවසා ඇත්තේ, සියලුම ගණුදෙණු KPMG සමාගම මගින් විගණනය කර ඇති බවද, කිසිදු මුදලක් අවභාවිතය වූවා යැයි පැමිණිල්ලක් විගණන වාර්තාවේදී මතු නොවුණු බවත්ය.
-
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ 2018 කුමන නගරයට ලබා දියයුතු යැයි සළකා බැලුණු මැතිවරණයේදී, ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරය ඡන්ද 42 ක් ලබාගෙන ශ්‍රී ලංකාවේ හම්බන්තොට නගරය ලැබූ ඡන්ද 27 අභිභවා යමින්, ජයග්‍රණය කරන ලදී. එහෙත්, ඡන්ද ප්‍රතිඵලය එසේ වුවද, මෙම ලංසු ප්රයත්නයේදී ශ්‍රී ලංකාවට දැවැන්ත යහපත් ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් නිසැකවම ලැබූ බව බොහෝ දෙනාගේ මතය විය. තවද, මෙම ලංසුව හේතුකොට ගෙන සාපේක්ෂ ලෙස ඉතා අඩු මුදලකට ශ්‍රී ලංකා “නාමය” (brand) අවුරුදු 30 ක යුද්ධයකට පසු, ජාත්‍යන්තරව නැවත ඔසවා තැබීමටද ඉමහත් ලෙස දායක වුණි.
ඉහත කී තොරතුරු සහ කරුණු මධ්‍යයේදී වුවත්, යම් පුද්ගලයෙකු කරනලද පැමිණිල්ලකට අනුව CWG Hambantota 2018 (Pvt) Ltd යන සමාගම මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකළා යයිද සොයා බැලීමට පරීක්ෂණයක් මේ වනවිට දියත්වී ඇති නිසා, ඒ සඳහා මාගේ උපරිම සහායද මා ලබාදී ඇත.