ශ්රී ලංකා මහවැලි අධිකාරියෙහි එප්පාවල කොට්ඨාස කළමනාකාර කාර්යාලයට හා නිල නිවාසයන්ට ජලය සපයන පොදු ළිඳට වස මිශ්ර කිරීමට විරෝධය පළ කරමින් එප්පාවල කොට්ඨාස කළමනාකාරතුමිය ඇතුළු නිළධාරීන් හා ගොවීන් පිරිසක් රාජකාරී කටයුතු වලින් බැහැරවඅද (20) විරෝධතාවක නිරත වූහ.
මහජන දිනය වන අද (20) දින සිය රාජකාරී කටයුතු වලින් බැහැරවෙමින් එප්පාවල කොට්ඨාසය භාර කළමනාකාරතුමිය වන නිල්මිණී ශ්රියාලතා මහත්මිය ඇතුළු මහවැලි අධිකාරී නිලධාරීන් හා එම කාර්යාලයෙන් සේවය ලබාගන්නා ගොවි නියෝජිතයින් 50 කට ආසන්න පිරිසක් එප්පාවල මැඩියාවෙහි පිහිටි මහවැලි අධිකාරී කාර්යාලය ඉදිරිපිට විරෝධතා පුවරු හා කළු කොඩි අතැතිව සාමකාමීව නිහඬ විරෝධතාවක නිරත වූහ.