සේවයට වාර්තා නොකර සිටි ත්‍රිවිධ හමුදාවට අයත් නිලධාරීන් සහ සෙසු නිලයින් නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීම යටතේ දින 28 ක කාළය තුළ ත්‍රිවිධ හමුදාවටම අයත් සාමාජිකයින් දහතුන් දහසකට අධික සංඛ්‍යාවක් සන්නද්ධ සේවා තුලින් නික්ම ගොස් ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.
ඊයේ දිනෙන් (ජුලි 08) අවසාන වූ මෙම දින 29 මේසඳහා අදාල වන අතර පොදු සමා කාලය එළඹෙන 13 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බව ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන්කළේය.
මේ පිළිබඳව අදහස් දැක්වමින් යුධ හමුදා මාධ්‍ය අධ්යක්ෂ සහ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසූයේ මේවනවිට සක්‍රීය සේවයෙන් නිවාඩු නොලබා හෝ නිසි අවසරයකින් තොරව සේවයට නොපැමිණ සිටි යුධ හමුදාවේ සාමාජිකයින් 11847 ක් නාවික හමුදා සාමාජිකයින් 679 ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයින් 525 ක් මේ වනවිට සිය නිශ්කාෂණ කටයුතු නිමකොට නීත්‍යානුකූලව සන්නද්ධ සේවා තුලින් නික්ම ගොස් ඇති බවයි.
තව දුරටත් මෙම පොදු සමා කාලය එළඹෙන 13 වැනිදා දක්වා ක්‍රියාත්මක වන අතර යුධ හමුදා සාමාජිකයින් නම් තමා අයත් රෙජිමේන්තු මධ්‍යස්ථානය, නාවික හමුදා සාමාජිකයින් නම් වැලිසර නාවික කඳවුරට ඉඳුරාම රපොර්තු කිරීම සහ ගුවන් හමුදා සාමාජිකයින් නම් කොළඹ පිහිටි ගුවන් හමුදා මුලස්ථානය වෙත වැඩකරන වෙලාව තුල රපොර්තු කර සිය තොරතුරු ලබාදී සිය නිශ්කාෂණ කටයුතු නිම කර නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමේ හැකියාව පවතී.
පොදු සමා කාලසීමාව ඉක්ම යාමෙන් අනතුරුව එම පිරිස් අත්අඩංගුවට ගැනීමට සහ නීත්‍යානුකූලව ක්‍රියා කිරීමට කටයුතු කෙරෙනු ඇති බවද හෙතෙම පැවසීය.