විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එක මතයකට පැමිණ ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නැයි ඉල්ලීමක් කළහොත් එම ඉල්ලීම පිළිගැනීමට සූදානම් බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ ඊයේ (19දා) අවධාරණය කළහ.
මේ දක්වා එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒ සම්බන්ධව තවම තීරණයක් ගෙන නොමැති බවත්, පොදු අපේක්ෂකයා සම්බන්ධව සාකච්ඡා කෙරෙමින් පවතින බවත් උන්වහන්සේ සඳහන් කළහ.
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ මෙම අදහස් පළකළේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මැයෙන් කොළඹ 07, පුස්තකාල ප්‍ර‘ලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි
එහිදී අදහස් දැක්වූ උන්වහන්සේ,
& පොදු අපේක්ෂකකමට මට වඩා සුදුසු අය මේ රටේ ඇති. ඒ ඕනෑම කෙනෙක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට සහතික වී ජනාධිපතිවරණයට තරග කළ යුතුයි. නමුත් මේ දක්වා එක්සත් ජාතික පක්ෂය හෝ ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂ තවම අවසන් තීරණයකට ඇවිත්‘ නෑ. සාකච්ඡා පමණයි තවමත් සිදුවන්නේ. විපක්ෂයේ දේශපාලන පක්ෂවලටත්, ජාතික හෙළ උරුමය වගේ ආණ්ඩුවේ පක්ෂවලටත්, අපේ යෝජනා භාරදීලා තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට පමණයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හොඳටම හැකියාව ඇත්තේ. නමුත් ඔහු එය ඉටුකරන්නේ නැත්නම්, විපක්ෂය ඇතුළු විධායක ජනපති ක්‍රමයට විරුද්ධ අය අය ආරාධනා කළොත් පොදු අපේක්ෂකයා විදියට ඉදිරිපත් වෙන්න මම සූදානම්* යැයි පවසා සිටියහ.
ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු