රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් මහතාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ අරුමාහන්දි ජනිත් මධුසංක ද සිල්වා නොහොත් පොඩි ලැසී නැමැත්තා නීතිඥයෙකු මගින් අද (31දා) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වූවේය.
පොඩි ලැසී නැමැත්තාව අප්‍රේල් 06 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියම කළ කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අජිත් එම්. මාසිංහ මහතා එදින ඔහු ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.
කළුතර සුසිල් එස්. තන්ත්රිආරච්චි