සෑම වසරකම ඔක්තෝබර් සහ නොවැම්බර් මාස මෙන්ම මාර්තු මාසය පොකිරිස්සන්ගේ අභිජනන සමය බැවින්, එම මාසවල පොකිරිස්සන් ඇල්ලීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය නියෝග කර තිබේ.
එසේ තිබියදී ඇතැම් ධීවරයන් බිත්තර සහිත පොකිරිස්සන් අල්ලන බවට තොරතුරු ලැබී ඇති නිසා එවැනි පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නැයි, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා පොලීසියෙන් සහ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
ලෝකයේ බොහෝ රටවල් වසරකට අඩුම තරමින් මාස 06ක්වත් මසුන් ඇල්ලීමෙන් වළකින ලෙස ධීවර ප්‍රජාවට උපදෙස් දී තිබේ. ඒ අනුව මසුන්ට බෝවීමට අවස්ථාවක් ලබාදීම සඳහා ගන්නා එවැනි නීතිමය ක්‍රියාමාර්ග අනුව, එම රටවල ධීවරයෝ කටයුතු කරති. නමුත් අප රටේ ඇතැම් ධීවරයන් මුදල් මතම කටයුතු කරමින් අඩු තරමින් මසුන් බෝවන සමයවත් නොසලකා කටයුතු කිරීම කනගාටුවට කරුණක් බවද අමාත්‍යවරයා පවසයි.