පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අයත් අක්කර නවයක ඉඩමක් තුළ, කොළඹ නෙළුම් පොකුණ රඟහල මෙන් සියලු පහසුකම්වලින් යුක්ත රඟහලක් ඉදිකිරීමට සියලු සැලසුම් සකස්කර ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
මහනුවර මහදිසාපති ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී ඒ මහතා ඒ බව අවධාරණය කර සිටියේය.
ජනාධිපතිවරයාගේ නියමය පරිදි සංස්කෘතික අමාත්‍යාංශය ඒ සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන බවත්, දංගොල්ල ප්‍ර‘දේශයේ පිහිටි අදාළ ඉඩම ලබාගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවද එහිදී අමාත්‍යවරයා පැවසිය.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, මහ ඇමති සරත් ඒකනායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, මහාචාර්ය ශාන්ත හෙන්නායක ඇතුළු පිරිසක් සහභාගි වූහ.