පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා පීඨය නැවත දැනුම්දෙන තුරු දින නියමයක් නැතිව වසා දැමූ බව එහි උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා 'අද'ට පැවසීය.
උපකුලපතිවරයා පවසා සිටියේ එම පීඨයේ සිසු සිසුවියන් විසින් ගලහ මන්සන්ධියේ දැනට දින විසිඑකක් තිස්සේ අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර ඇති බවත්, එම පීඨයේ සිසු සිසුවියන් දේශනවලට සහභාගී නොවන බැවින් මෙම තීරණයට එළඹි බවත්ය.
අදාළ පීඨයේ අධ්‍යයන කාලය වසර හතරේ සිට තුන දක්වා අඩුකිරීමට විරෝධය දක්වමින් සිසුන් විසින් මෙම උපවාසය ආරම්භ කර තිබේ. මහාචාර්ය අතුල සේනාරත්න මහතා වැඩිදුරටත් පවසා සිටියේ සියලු සිසු සිසුවියන්ට විශ්වවිද්‍යාල භූමියෙන් පිටව යන ලෙස ලිඛිතවද දැනුම් දී ඇති බවයි.