පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මාකස් ප්‍රනාන්දු ශාලාව පිටුපස කැලෑවක, ගසක එල්ලෙමින් තිබියදී මළ සිරුරක් අද (10දා) සොයාගත් බව පොලීසිය සඳහන් කරයි. මෙම මළ සිරුර දැනට අතුරුදහන්ව සිටින විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුගේ දැයි පොලීසිය කරුණු විමර්ශනය කරමින් සිටියි.
මේ වන විට මළ සිරුර අවට පොලිස් ආරක්ෂාව යොදා ඇතැයි ද හෙට(11දා) දිනයේ දී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇතැයිද පොලීසිය සඳහන් කරයි.