පෙරහර අවශ්‍යතා සඳහා අලි ඇතුන් නොමැති වීමට කිසිදු විටක ඉඩ නොතබන බවත්, පින්නවල අලි අනාථාගාරයේ වෙනම ස්ථානයක් අරඹා අලි ඇතුන් පුහුණු කර පෙරහර මංගල්‍යයන් සඳහා ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත් තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.
ඇතැම් පුද්ගලයන් සමිති සමාගම් පිහිටුවා පෙරහර මංගල්‍යයන් සඳහා අලි ඇතුන් හිඟයක් මවා පෙන්වමින් දස වධදී වනයෙන් අල්ලන අලි පැටවුන් නිදහස් කරන්නැයි කරන ඉල්ලීම විහිළුවක් බවද ඒ මහතා පැවසීය.
ආර්.එම්.සී. රූපසිංහ