ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබාවට පනවා ඇති සම්බාධකයන්ට එරෙහිව පැවති උද්ඝෝෂණයක් කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී අද (17දා) පැවැත්විණි.
අද (ඔක්තෝම්බර් 17දාට) යෙදෙන කියුබානු සහයෝගිතා දිනට සමගාමීව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මෙය සංවිධානය කර තිබුණි.
එහිදී මාධ්‍ය වෙත අදහස් පළ කර සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම්, පුබුදු ජයගොඩ මහතා පවසා සිටියේ ඇමෙරිකාව විසින් ලොව බොහෝ රටවලට පනවා ඇති අසාධාරණ සම්බාධකයන්ට ශ්‍රීලංකාවද විරෝධතාව පළ කිරීමේ සංකේතයක් ලෙස මෙම උද්ඝෝෂණය පැවැත්වීමට කටයුතු කළ බවයි.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු