2014 පෙබරවාරි මාසයේදී උද්ධමනය 4.2% දක්වා තවදුරටත් පහළ වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන, කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2006/2007=100) මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්යමය පදනම මත 2014 ජනවාරි මාසයේ පැවති 4.4% සිට පෙබරවාරි මාසයේදී 4.2% දක්වා මෙසේ පහළ ගොස් ඇත.
මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමන අනුපාතිකයද ජනවාරි මාසයේ වාර්තා කළ 6.5% සිට පෙබරවාරි මාසයේදී 6.0% දක්වා පහළ ගොස් ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.