ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාවට නැංවීමට ඊයේ (09දා) පැවැති කැබිනට් හමුවේදී තීරණය කර ඇති හෙයින් ඉන්ධන මිල ඉහළ යෑමේ තත්ත්වයක් නිර්මාණය වී අැති බව වාර්තා වෙයි.
මීට අමතරව ඉරාන න්‍යෂ්ඨික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත්වීම මත ඔවුන්ට සම්බාධක පැනවීමට ඉඩ ඇති හෙයින්ද තෙල් මිල ඉහළ යෑමේ අවධානයක් නිර්මාණය වී ඇති බව කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය සරත් අමුණුගම මහතා පැවැසීය.
ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින්, ඩීසල් මිල රුපියල් 9කින් හා භූමිතෙල් මිල රුපියල් 40කින් පමණ ඉහළ යෑමට හැකියාවක් පවතින බව සමාජ මාධ්‍ය වල හුවමාරුවන තොරතුරුවල දැක්වෙයි.