රජයේ ක්‍රියාවලිය අනුව පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීමට මාස 9 ක කාලයක් ගත වන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. මහරගම පිළිකා රෝහලට පෙට් ස්කෑනරයක් ලබාගැනීමට ජනතාව මුදල් එකතු කළද එය ඉක්මනින් මිලදී ගැනීමට නොහැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා අද (06දා) පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සේනරත්න මහතා මේ බව පැවසීය.