පෘථිවි වායුගෝලයේ පවතින හරිතාගාර වායූන් පිළිබඳ අධ්‍යයනය කිරීම වෙනුවෙන් කටයුතු කරන නාසා ආයතනයේ කාබන් නිරීක්ෂණ අභ්‍යවකාශ යානය විසින් කාබන් ඩයොක්සයිඩ් පිළිබඳ ප්‍රථම ගෝලීය සිතියම පෘථිවියට එවා තිබේ.
පෘථිවි වායුගෝලය වෙත කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර පිටවන හා ඒවා බහුලවශයෙන් උරාගනු ලබන ස්ථාන හඳුනාගැනීම වෙනුවෙන් නිරීක්ෂණයට පසුගිය ජූලි මාසයේදී මෙම යානය අභ්‍යවකාශගත කර තිබුණි.
ගෝලීය දේශගුණික විපර්යාස වෙනුවෙන් මිනිසාගේ ක්‍රියාකාරකම් කෙතරම් දුරට බලපා ඇතිද යන්න දැනගැනීමට මෙම සිතියම මහත් රුකුලක් වනු ඇති බව විද්‍යාඥයන් පෙන්වා දෙයි.
ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල සති කිහිපයක තොරතුරු ආශ්රයෙන් මෙම නව සිතියම් සැකසී ඇති බව පැවසෙයි.
විශේෂයෙන් දකුණු ඇමෙරිකාව හා දකුණු අප්‍රිකානු කලාපයේ කාබන් අධික බවක් දක්නට ලැබෙන අතර, එම ප්‍රදේශයේ අධික ජෛව දහනය මීට හේතුව බව නිගමනය වී තිබේ.
එමෙන්ම, කාර්මීකරණයද කාබන් වැඩිවීමට විශේෂ හේතුවක් ලෙස දක්වන අතර, චීනයට ඉහළින් එය මනාව පිළිබිඹු වන බවද සිතියම් ආශ්රයෙන් පෙන්නුම් කෙරෙයි.