පෘතුගාලයේ අගමැති පෙඩ්රෝ පාසොස් ශ්රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි. ඔහු ඉරිදා (20දා) දිවයිනට පැමිණෙනු ඇත.
ඉන්අනතුරුව ජනපති මහින්ද රජපක්ෂ මහතා හා අගමැති දී.මූ. ජයරත්න මහතා සමග ඔහු සාකච්ඡා කරනු ඇති බවත්. ගාලු කොටුවේ සංචාරය කරනු ඇති බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.
මේ අතර ටැන්සානියාවේ විදේශ කටයුතු ඇමති බර්නාඩ් කේ. මෙම්බේ මහතාත් එදිනම ශ්රී ලංකාවට පැමිණීමට නියමිත බවද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.