පුස්සැල්ලාව පොලීසිය තුළ සැකකරුවෙකු මිය යෑමේ සිද්ධියේ වගකීම රජය භාර ගන්නා බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. පොලීසිය රජයේ ආයතනයක් බැවින් එම සිදුවීමේ වගකීම රජය භාර ගන්නා බවයි ඔහු පැවැසුවේ.
එසේම පැය භාගයෙන් භාගයට පොලිස් වාර්තා තැබිය යුතු වුවත් එම සිදුවීම සිදු වූ දිනයේදී පස්්වරු 6.45 න් පසුව නවැතත් පොලිස් සටහනක් තබා ඇත්තේ පස්වරු 7.40ට බවද ඔහු පැවැසීය.