පුස්සැල්ලාව පොලිස් ස්ථානයේ සිර මැදිරියක් තුළ සැකකරුවෙකු මිය යෑම සම්බන්ධයෙන් කරන විමර්ශන වලට අදාළව පුස්සැල්ලාව පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්. කලුආරච්චි මහතාට ස්ථාන මාරුවක් ලබාදුන් බව පොලීසිය කියයි.
මහනුවර මාතලේ කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග අනුව ස්ථානාධිපතිවරය ගම්පොළ පොලිස් ස්ථානයට මාරු කර ඇති බවද පොලීසිය නිකුත් කළ නිවේදනයක වෙයි.