(UPDATE)
විරෝධතාවක් හේතුවෙන් අවහිර වී තිබූ නුවරඑළිය - ගම්පොළ ප්‍රධාන මාර්ගය ගමනාගමනය සඳහා මේ වන විට විවෘත කර තිබෙ.
අමාත්‍ය පලනි දිගම්බරන් එම ස්ථානයට පැමිණ විරෝධතාකරුවන්ට කරුණු වටහා දීමත් සමඟ ඔවුන් එම විරෝධතා අත්හැරීමට තීරණකර ඇත.
පුස්සැල්ලාව පොලීසියේ සිරමැදිරියක් තුළදී සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුස්සැල්ලාව පොලීසියට විරෝධය පළකරමින් ප්‍රදේශවාසීන් පිරිසක් විසින් නුවර - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ පුස්සැල්ලාව ප්‍රදේශ අවහිර කරමින් උද්ගෝෂණයේ නිරතව සිටියි.
මාර්ගයේ ටයර් පුළුස්සා දමමින් ඔවුන් විරෝධතාවයේ නිරත වේ.