මුඛ පිළිකා සම්බන්ධයෙන් ශ්‍රීලංකාව ලෝකයේ පළමු ස්ථානයේ පසුවන රට බවට පත්ව ඇති අතර මේ සඳහා මූලික හේතුව බුලත් භාවිතය හා පුවක් ආශ්රිත නිෂ්පාදන භාවිතය යැයි දන්ත වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතා පැවසීය.
මේ හේතුවෙන් පුවක් භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්විය යුතු බවත් පුවක් තුළ පිළිකා කාරක 04ක් පමණ ඇති බවත් ජයසුන්දර මහතා පැවසීය.
අතීතයේදී බුලත් විට ලෙස පුවක් , හුණු, දුම්කොළ යානාදිය භාවිතයට ගෙන නොමැති අතර පන්සලේ දැහැත් වට්ටිය සඳහාද පිළිකා කාරකයන් වන පුවක් එක්කීරීම නොකළ යුත්තක් බව වෛද්‍ය ජයසුන්දර මහතා පැවසූයේ අද (26දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.