පොළොන්නරුව ඓතිහාසික උණගලා වෙහෙර ලෝවාසී බෞද්ධ ජනයාගේ වන්දනාමානයට සුදුසු ලෙස ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) ආරම්භවිය.
“පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය හා සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පූජනීය ස්ථාන වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මකය.
පුලතිසි පුරවරයේ අතීත අසිරිය යළි කැඳවාගෙන එමින් එහි සියලූ ඓතිහාසික පූජනීය ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බව මෙහිදී ජනාධිපතිවරයා පැවසීය.