අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු දෙමෝදර, ඇල්ලලන්ද ප්‍රදේශයේදී ඊයේ (01 දා) අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලීසිය සඳහන් කරයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමෝදර, ඇල්ලන්ද ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයකි. සැකකරු ළඟ තිබී ඩෙටනේටර් 4ක්, ඇමෝනියම් නයිට්රේට් කිලෝ එකයි ග්‍රෑම් 815 ක්, වෝටජෙල් වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 765 ක් සහ සේවා නූල් තොගයක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
සැකකරුට මෙම පුපුරණ ද්‍රව්‍ය කෙසේ ලැබුණේද යන්න පිළිබඳව ඇල්ල පොලීසිය පරීක්ෂණ පවත්වයි.