පුනරුත්ථාපිත LTTE සාමාජිකයන් ගැන අගමැතිගේ අවධානය
පුනරුත්ථාපනය කළ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් වෙනුවෙන් ස්ථිර ආදායම් මාර්ග ගොඩනගමින් ඔවුන්ගේ ආර්ථික සුරක්ෂිත බව තහවුරු කිරීම සඳහා ජීවනෝපාය වැඩසටහන් හඳුන්වා දීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව තිබේ.
ඒ සඳහා පුළුල් ජීවනෝපාය සංවර්ධන වැඩපිළිවෙළක් සැකසීමට පුනරුත්ථාපන, තරුණ කටයුතු, ළමා කටයුතු සහ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක්ද පත්කිරීමට ඔහු කටයුතු කර තිබේ.
පුනරුත්ථාපන කටයුතුවල වර්තමාන තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සාකච්ඡාවක් පැවැති අතර, එහිදී වවුනියාවේ පූන්තෝට්ටම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 49 දෙනෙකු පමණ සිටින බවද අනාවරණය විය.
මෙම සාකච්ඡාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා යන අමාත්‍යවරුන්ද, නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශ ලේකම්, යුද හමුදා නිලධාරීන්, පුනරුත්ථාපන කාර්යාංශ කොමසාරිස් ජනරාල්, තරුණ සේවා සභාවේ සභාපති, පුනරුත්ථාපන අධිකාරියේ සභාපති යන රජයේ නිලධාරීහුද සහභාගී වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

