මස්කෙළිය මොන්ටිෆෙයාර් වතු පාසලට අද (13දා) පැමිණෙමින් සිටි සිසුන් පිරිසක් බිය ගැන්වූ බවට පැවසෙන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මස්කෙළිය පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
පාසලට පැමිණෙමින් සිටි තමන් මුහුණු ආවරණය කර ගෙන ආයුධ සන්නද්ධව පැමිණි තිදෙනෙක් බිය ගැන්වූ බව එම පාසලේ දහවන වසරේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් පිරිසක් මස්කෙළිය පොලීසියේ නිලධාරීන්ට පවසා ඇත.
මේ සිද්ධිය හේතුවෙන් බියට පත් වූ මොන්ටිෆෙයාර් විද්‍යාලයේ දහවන වසරේ ඉගෙනුම ලබන සිසුවියන් අට දෙනෙකු හා සිසුන් තිදෙනෙක් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව සිටිති.
රෝහලට ඇතුළත් කොට සිසුන් බිය වී ඇති බවත් ඔහුන්ට වෙනත් කිසිදු ශාරීරික පීඩාවක් සිදුව නොමැති බව මස්කෙළිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා පවසා සිටියේය.
මෙම සිද්ධියත් සමග එම වතු යාය පුරා ග්‍රීස් යකෙකු සම්බන්ධයෙන් ද බියක් මතු වී තිබේ.