පසුගිය දින කිහිපය පුරා ඇදහැලුණු වර්ෂා තත්ත්වය නිසා නිවාස 2300කට අලාභ හානි සිදුව පුද්ගලයන් 60,000කට වැඩි ප්‍රමාණයක් පීඩාවට පත්ව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙහිදී වැඩිම නිවාස ප්‍රමාණයකට හානි සිදුව තිබෙන්නේ සහ වැඩිම පිරිසක් පීඩාවට පත්ව තිබෙන්නේ යාපනය දිස්ත්‍රික්කයෙනි. එම දිස්ත්‍රික්කයේ නිවාස 2023කට හානි සිදුව තිබෙන අතර පුද්ගලයන් 51,000 ක් පීඩාවට පත්ව තිබෙන බවද එම මධ්‍යස්ථානයේ දෛනික වාර්තාවේ සඳහන් කර තිබේ.
මීට අමතරව අද දිනය තුළදීත් දිස්ත්‍රික්ක 15කට වැසි ඇති විය හැකි බවත්, මුහුදු ප්‍ර‘දේශවල සුළඟේ වේගය පැය කිලෝමීටර් 50ත් 60 ත් අතර අගයක් ගත හැකි බවටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.