දිස්ත්‍රික්ක 09 කට ඇති වී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 5795 කට අයත් පුද්ගලයන් 16897 ක් පීඩාවට පත්ව තිබේ. මෙම පිරිසෙන් පවුල් 1084 කට අයත් පුද්ගලයන් 3214 ක් ආරක්ෂිත ස්ථාන 33 ක රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව තිබෙන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ වන අතර, එම දිස්ත්‍රික්කයේ පවුල් 1554 කට අයත් පුද්ගලයන් 4661 ක් පීඩාවට පත්ව තිබේ.
මීට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 103 ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 140 ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 1251 ක්, යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 700 ක්, මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 160 ක්, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් 502 ක්, මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 14 ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 640 ක් පීඩාවට පත්ව තිබෙන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.