පුද්ගල ඝාතන නඩුවකට වැරදිකරුවන් වූ පස් දෙනෙකුට නුවරඑළිය මහාධීකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා අද (15දා) මරණ දඬුවම ලබාදුන්නේය.
2000.02.14 දින නුවරඑළිය නගරයේ ස්වර්ණාභරන අලෙවිසැලක් මංකොල්ල කෑමට ගිය අවස්ථාවේ එහි ආරෂක නිලධාරියාව උල් ආයුධයකින් ඇන ඝාතනය කිරීම සැකකරුවන්ට එල්ලවී තිබූ චෝදනාවයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 09 දෙනෙකුට එරෙහිව නුවරඑළිය පොලීසිය මගින් නුවරඑළිය අධ්කරණයේ නඩු පැවරිය. නඩුව විභාගවන අවස්ථාවේ එක් සැකකරුවෙකු මියගොස් තිබේ. තවත් සැකකරුවන් දෙදෙනෙක් අධ්කරණය මගහැර ඇත.