ඉඩම් ආරවුලක් හේතුවෙන් කරනු ලැබූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙකුට මරණ දඩුවම නියම කිරීමට මාතර මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා කටයුතු කළේය.
අකුරැස්ස, කෙහෙල්වල ප්රදේශයේදී 2008 වසරේ ජුලි මාසයේදී මෙම ඝාතනය සිදුකොට තිබුණි. එහිදී 36 හැවැරිදි පුද්ගලයෙකු කඩුවකින් හා පොලුවලින් පහරදී ඝාතනය කරන ලදී.