පුත්තලම දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කාර්යාල 16 න් පුත්තලම,ආණමඩුව, මහකුඹුක්කඩවල, වනාතවිල්ලුව , නවගත්තේගම, කරුවලගස්වැව, මුන්දලම හා පල්ලම යන ප්රාදේශීය ලේකම් කොඨඨාසවල පානීය ජලයේ උග්ර හිඟයක් ඇති බව ජනතාව පවසති.
මේ වසරේ නිසි වර්ෂාපතනයක් නොලැබීම හේතුවෙන් උදාවී ඇති මෙම නියං තත්ත්වය නිසා පුත්තලම ප්රාදේශීය ලේකම් බලප්රදේශයේ පවුල් 5000 කට හා මුන්දලම පවුල් 2000 ප්රමාණයකට පානීය ජලය බෙදාදීම ආරම්භ කර ඇති බව කියයි.