පුත්තලම කල්පිටිය මාර්ගයේ ධාවනය වන සියලුම පෞද්ගලික බස්රථ අද (02දා) ධාවනයෙන් ඉවත් වූ බව පෞද්ගලික බස්රථ හිමියෝ පවසති.
කල්පිටියේ සිට පුත්තලම දක්වා ධාවනය වන බස්රථයක වේලා කාලසටහන එම බස්හිමියාගේ පෞද්ගලික අවශ්‍යතාව මත වෙනස් කිරීම හේතුවෙන් මෙම වර්ජනය අරඹා ඇත.
නමුත් එම මාර්ගයේ දිවෙන ලංගම බස්රථ හා මන්නාරම, මඩකලපුව, කොළඹ දක්වා දිවෙන වෙනත් බස්රථ ධාවනය වන බව බස්රථ හිමියෝ ‘අද’ ට පැවසූහ.