පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් විදේශගත වීමේදී ඉදිරියේදී ඒ පිළිබඳව ප්‍රමිතියක් සකස් කරන බවත්, ඉන් පසුව පුහුණු සහ දැනුවත් කිරීමේ වැඩසටහන්වලට විදේශගත වීමේදී එම ප්‍රමිතියට අනුව අදාළ කටයුතු සිදුවන බවත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කළේය.
පසුගිය කාලයේ සිදුවූ විදේශගත වීම්වලදී යම් යම් ගැටලු ඇතිවී තිබෙන බවට වාර්තා වී තිබෙන නිසා මෙවැනි තීරණයක් ගැනීමට කටයුතු කළ බවද ඔහු පවසා සිටියේය. ඒ මහතා මේ බව පැවසුවේ, අද (28දා) පැවති පළාත් පාලන කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකක සම්බන්ධීකරණ රැස්වීමේදීය.