පළාත් පාලන ඡන්ද විමසීම මේ වසරේදී පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
ජනවාරි මාසයේදී ඡන්දය පැවැත්වීමට තීරණය කළහොත් 06, 20, හෝ 27 යන දිනවල ඡන්ද පැවැත්විය හැකි බව හෙතෙම පැවසුයේ අද පැවති මාධ්‍ය හමුවකදීය.
අපිට බැලු බැල්මට පැහැදිලිවම පෙනී යනවා පළාත් පාලන ඡන්දය මේවසර්යේදී පැවැත්විය නොහැකි බව. අපිට කියන්න පුළුවන් ලබන වසරේදී එය පැවැත්වීමට හැකියාවක් තිබෙන බව. දෙසැම්බර් මාසයේ ඡන්ද පැවැත්වීමට හැකිවුවත් විභාග කොමසාරිය එයට එකග වුණේ නැහැ. යැයි හෙතෙම පැවසීය